කවුද මැට්ටා? සීතාද ?, ප්‍රසන්නද?, අපිද?

0
269
edirige satahana

“225ම  එපා”  යන  විරෝධතා තේමාව  පසුගිය ජනාධිපතිවරණයට  පෙර  මෙරට  ජන සමාජය තුළ   ව්‍යාප්ත වූයේ  වෛරසයක් පැතිරෙනවා  සේය. සමාජ මාධ්‍ය  ජාලාවන්  මිනිසුන්ගේ  ඔළුගෙඩි   තුළ එම විරෝධතාවය  රෝපණය කිරීම සඳහා  ප්‍රමුඛතම දායකත්වය සපයන ලදි . මෙරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට සහ දේශපාලඥයන්ට  “225ම එපා”  යන  මිනිසුන් තුළ වූ මානසිකත්වය  එල්ල කරනු ලැබුවේ  දැඩි පීඩාවකි.  එමෙන්ම මෙම විරෝධය ජාති භේද,  ආගම් බේද,  කුලභේද,  පක්ෂ භේද,  දුප්පත් පොහොසත් භේදය  නොසලකමින්  ජන සමාජය තුළ  පැතිරෙමින් තිබූ නිසා  “225ම එපා” යන වෛරසය හමුවේ   ම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ   දේශපාලනඥයින්  මිය යෑමට ද ඉඩ තිබිණ. 

දසක 7කට වඩා වැඩි කාලයක් අපේ රට පාලනය කරනු ලැබූ ස්වදේශීය දේශපාලනඥයින් අපේ රට ක්‍රමිකව රැගෙන ගියේ අගාධයටමය .  50, 60 සහ 70 දශකයේ දී අපටත් වඩා පහළින් සිටි ලෝකයේ බොහෝ රටවල් අද වන විට අපට සිතා ගැනීමටවත් නොහැකි ඉහළ ආර්ථික හා සමාජ තත්ත්වයන් හිමි රටවල් බවට පත්ව ඇත.   දරිද්‍රතාවයෙන් දශක ගණනාවක් බැටකෑ   ඉතියෝපියාව වැනි රටවල් ද  ්‍රී ලංකාව පසුකරමින් යන ස්වරූපයක් නිර්මාණය වෙමින් පවතී. මෙම සටහන  මා විසින් තබන දිනය  වනුයේ 01.10.2020 වන අතර  එම දිනයේ දී  ඉතියෝපියානු මුදල් ඒකකයක්  ලබා ගැනීම සඳහා  රුපියල් 5 කට වඩා වැඩි මුදලක්  ගෙවීමට නියම ව පවතී.   මෙම සරල උදාහරණයෙන්ම  අපේ රටේ ආර්ථිකයේ කුණුවීම  සහ   සැලසුම් සකස් කිරීම සහ රාජ්‍ය පාලනය  යන කාරණයේ දී  අපගේ ස්වදේශීය  නායකයින්ගේ  හැකියාවේ තරම  අපට පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන.

 දේශපාලන නොහැකියාව,  අවස්ථාවාදය දැන් දැන් මෙරට පුරවැසියන් තේරුම් ගනිමින් සිටිති.   රට  දිනෙන් දිනම  දුප්පත් වීමටත්,  පාලකයන්  දිනෙන් දිනම  පොහොසත් වන්නෙත් කෙසේද යන ප්‍රශ්නය  පුරවැසියන් විසින්  කරමින් සිටිති.   මෙම  ගැටලුව  සමාජ කතිකාවක් බවට පත්කිරීම  වැලැක්වීමට,  දේශපාලන පක්ෂ සහ  දේශපාලනඥයන්ගේ  කලු සල්ලි මත යැපෙන  ඊනියා   ජනමාධ්‍යවේදීන් සහ  නමාධ්‍ය ආයතන කිහිපයක්  දැඩි පරිශ්‍රමයක නිරතව සිටිති.

මා කලින් සඳහන් කළ ආකාරයට,  පසුගිය ජනාධිපතිවරණයට පෙර  “225ම එපා”  යන විරෝධතාවය  මෙරට සමාජය තුළින් ප්‍රබල ව ඉස්මතු විණි.  එම විරෝධතාවය සමනය කිරීම සඳහා  මෙරට දේශපාලන පක්ෂ සහ දේශපාලකයින්  මෙන්ම   ඊනියා ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන ද විශාල වැඩ කොටසක් සිදු කරන ලදී.  ඔවුන් ගෙන ගිය ක්‍රියාදාමයන් හමුවේ  වඩාත්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වූයේ  “වියත් මග වැඩසටහනයි”. 

වියත්මග’  වැඩසටහන  හිස මත  තබාගත්   ඊනියා ජනමාධ්‍යවේදීන්  සමාජගත කිරීමට උත්සාහ කරනු  ලැබුවේ   දැනට රට තුළ පවතින සියලු ප්‍රශ්නවලට විසඳුම  උගතුන්ගෙන් වියතුන්ගෙන් සමන්විත නායකයන් පිරිසක් ගොඩනඟා ගැනීම  බවයි.    එය  විසදුමක්  ලෙස  පිළිගැනීමට  මෙරට පුරවැසියන්  බහුතරයක්  කටයුතු කරනු ලැබුවේ ,   සැබෑ ප්‍රශ්නයේ ස්වභාවය  සහ  එය නිර්මාණය වන  ආකාරය පිළිබඳ  හරි දැනුමක්  සමාජය වෙතට   සම්ප්‍රේෂණය කිරීමට  මෙරට පවතින  විකල්ප දේශපාලන ධාරාවන් සමත් නොවීම මතයි. 

  ප්‍රතිඵලය,  මෙවර ද,  සාම්ප්‍රදායික දේශපාලනය  ජයග්‍රහණය වීමය.  මෙවර එය  යග්‍රහණයක ටත් වඩා  විජයග්‍රහණයක් ලෙස ද අර්ථ දැක්විය හැක.  ඊට හේතුව  මහ මැතිවරණයෙන් 2/3 ට  ආසන්න ජනවරමක් ලබා ගැනීමට   ආණ්ඩු පක්ෂයට හැකි වීමයි. 

 එමෙන්ම  මෙහි ඇති විශේෂත්වය වන්නේ  වියතුන් නියෝජනය කරනු ලබන  කැබිනට් මණ්ඩලයක්  ඇති  ආණ්ඩුවක්  නිර්මාණය වීමයි . ඉතිහාසය තුළ ද  විවිධ වෘත්තීන්හි  නිපුණතාවයන් දක්වන ලද පුද්ගලයන්  කැබිනට් මණ්ඩලය  නියෝජනය කළ ද මෙවර  ඔවුන්ට හිමිව ඇත්තේ සුවිශේෂී තැනකි.  ජනතාවගේ අපේක්ෂාව ද  එසේමය.  එනම්  සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට නොහැකිවූ  කාරණාව  වියතුන්  ඉටු කරනු ඇතැයි  යන   බලවත් විශ්වාසයයි.

 දැන් උදාවෙමින් පවතින්නේ වැඩ පෙන්විය යුතු කාලයයි.  කතා කරපු කාලය නැතහොත්  ගැලරියේ  වචනයම පවසනවානම්  පොරටෝක් කාලයේ අවසාන්ය. 

 නමුත් සිදුවෙන සිදුවීම් පිළිබඳව  විමසිලිමත් වීමේ දී  පෙනී යන්නේ  පසුගිය ආණ්ඩු මෙන්ම  මෙම ආණ්ඩුව ද දිගු කාලීන වැඩ පිළිවෙලකින් තොරව,  හුදෙක් සිය දේශපාලන න්‍යාය පත්‍රයම පෙරටු කරගෙන ගමන් කරන බවයි.  නායකයන් කරන දෑ සාධාරණීකරණය කිරීමේ වගකීමක් වියතුන් විසින් මෙම අවස්ථාවේදී ඉටු කරමින් පවතී.  එය එසේ නොවන්නේ නම්  විසිවන සංශෝධනය හමුවේ  එල්ල වූ විරෝධයට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීමේදී  වියතෙක් ලෙස හඳුන්වනු ලැබූ අධිකරණ   අමාත්‍යවරයා  “කොමිසන් සභා කන්නද?”  කියා ඇසීමටත්  වියත් මග ම නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට  පැමිණි සීතා  අරබෙපොල  වැනි  මන්ත්‍රීවරියන්    ව්‍යවස්ථා සංශෝධනය සකසන ලද්දේ  කවුරුන්ද  යන්න  තමන් නො දන්නවා යයි  පවසමින්  ප්‍රශ්නෙන් මගහැරීමට  කටයුතු කරන්නේ ද නැත.  එමෙන්ම සරත් වීරසේකර වැනි   ඇමතිවරුන්  විටෙක  සුදු අලියෙක් වන  පළාත් සභා ක්‍රමය  අහෝසි කළ යුතුයි  සිංහ  නාද  පැවැත්වීමටත්,  පසුව  එන විරෝධයන් හමුවේ  බියවූ  බලු කුක්කෙකු  මෙන්  තම ප්‍රකාශය සම්බන්ධව   විවිද අර්ථකථන සපයමින් මාධ්‍ය ඉදිරියේ කෙඳිරි ගෑමටත්  සිදුවන්නේ ඔවුන් සැබෑ අවබෝධයකින් හෝ ඇත්ත  උවමනාවකින් යුතුව  මහජනතාව නියෝජනය  නොකිරීමයි.

 අද වන විට  වියත්මග නියෝජනය කරමින්   පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනා  සාම්ප්‍රදායික දේශපාලඥයින් ගමන්ගත් මගම අනුගමනය කරමින් සිටිති.  රටට සේවය කිරීමට  ඔවුන්ටද අති නවීන සුඛෝපභෝගී වාහන   අවශ්‍යව ඇත.  බලයට පැමිණීමට පෙර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම  වත්මන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන  බොහෝ මැති ඇමතිවරුන්  ්‍රකාශ කරනු ලැබුවේ  තම ආණ්ඩුවක් යටතේ   ඉදිරි වසර 3 හෝ   පහ සඳහා   මන්ත්‍රීවරුන්ට  නව වාහන ලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවයි.  මුත් එම ප්‍රකාශ වෙනස් කරමින්  මන්ත්‍රීවරුන් හට ාහන බලපත්‍ර ලබාදීමට  ආණ්ඩුව තීරණය කර ඇති අතර     එහි  ්‍රමුඛතාවය  නවක මන්ත්‍රීන් හට ලබාදීමට ද යෝජනා වී ඇත.  ආණ්ඩුව පක්ෂයෙන් ගත්කල වක මන්ත්‍රීන් බොහෝදෙනකු  වියත්මග හා නෑදෑකම්  පවතින බව කණගාටුවෙන් වුවද මෙහි සටහන් කිරීමට සිදු වේ. රටට සැබෑ ආදරයක් තිබෙනම්,  අඩුම  තරමින්  දේශීයව නිෂ්පාදනය කරන  වාහනයක් ලබාගෙන ආදර්ශයක් වත් සැපයිය හැක.  නමුත්  ඔවුන්ට  ජනතාවට සේවය කිරීම සඳහා  විදේශ රටවල නිෂ්පාදනය කරනු ලබන  අතිසුඛෝපභෝගී  මෝටර් රථයක් ම  අවශ්‍යය.

පසුගියදා  සමාජ මාධ්‍ය වල  සංසරණ වූ  ලිපියකින්  කියවුනේ  ජාතික ලැයිස්තු නියෝජනය කරනු ලබන ,  එමෙන්ම  වියත්මග  සංවිධානයේ   ප්‍රබල බල කණුවක් වන සීතා  අරබෙපොල   මන්ත්‍රීවරිය සඳහා  මිල අධිකම සන්නම් නාමයකින් යුත්  ලැප්ටොප් පරිගණකයක්,  ස්මාර්ට් ජංගම දුරකථනයක්  සහ  කුඩයක්  ලබා දීමට කටයුතු කරන ලෙසයි.  මහජනතාවට සේවය කරනවායයි  පවසමින්  දශක හතකට වඩා  වැඩි කාලයක්  මෙරට පාලනය කරනු ලැබූ ාම්ප්‍රදායික දේශපාලඥයන් මෙන්ම  නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීම පිණිස දේශපාලනයට පැමිණි වියත්මග සංවිධානය ්‍රබල සාමාජිකාවන් හැසිරෙන්නේ මේ ආකාරයටනම්  මේ රටේ පුරවැසියන්ට තවදුරටත් අනාගත පරම්පරාව වෙනුවෙන් සුභ සිහින දැකිය හැකිදැයි සිතා ගැනීමටවත් හැකියාවක් නැත. 

 අඩුම තරමින් තමන්ගේ පෞද්ගලික මුදලින් කුඩයක්වත් මිලදී ගැනීමට මානසිකත්වයක් නැති මෙවැනි පාලකයන්ගෙන් ආර්ථික සමෘද්ධියක් අපට අපේක්ෂා කළ හැකිද? 

 මැතිවරණයට පෙර සීතා  අරබෙපොල  කරනු ලැබූ  කතා   තවමත්  අපගේ සවන් තුල දෝංකාර දෙමින් පවතී.  ඇයගේ කතා අපට ඇසුනේ අදෝනාවක්  ලෙසටය.   එය මෙරට බොහෝ පුරවැසියන් වටහා ගත්තේ මියයෑමට ලන්ව සිටින ශ්‍රී  ලංකා මාතාව පණ බේරා දෙන ලෙස ඉල්ලමින් කරනු ලබන  අදෝනාවක් ලෙසටය.  නමුත්   සහසක්  පුරවැසියන් විශ්වාසය තැබූ ගැලවුම් කාරියන්ම  ශ්‍රී ලංකා මාතාවගේ ගෙල මිරිකමින් සිටීම කෙතරම් ඛේද ජනකද?

     ඊනියා   ජනමාධ්‍යවේදීන් මගින්  තාවකාලිකව යටපත්  කෙරු ‘ 225ම එපා’  යන සමාජ විරෝධය    දිය යට සැඟවීමට උත්සාහ කරන ලද බෝලයක් නැවත  උඩට පැමිණෙනවා මෙන්  නැවතත් සමාජගත වීමට  පටන් ගනිමින් පවතී.  විකල්ප දේශපාලන ධාරාවන්ට  මෙවරවත්  නිසි ආකාරයෙන්   මෙම අවස්ථාව ග්‍රහණය කර ගැනීමට  හැකි වුවහොත්  2025 දී,  අවස්ථාවාදී දේශපාලනය මෙන්ම ඊනියා  ජනමාධ්‍යවේදීන් ද මේ රටෙන් අතුගා දමා   නැවුම් පියවරක් තැබීමට  රටට අවස්ථාව හිමිවනු ඇත. 

සීතා අරඹේවෙල වැනි  වියතුන් නියෝජනය කරන   මන්ත්‍රීවරුන්ගේ    හැසිරීම  සංසන්දනාත්මකව බලන කල මැටි  ඇමති   ලෙසට  උපහාසයට ලක් වූ     ප්‍රසන්න  රණවීර  වැනි අමාත්‍යවරුන් ගේ හැසිරීම   ්‍රේෂ්ඨය.  අනිත් අතට  ක්‍රමය වෙනස් නොකර ඔලු ගෙඩි  වෙනස් කළ පමණින්  ශ්‍රී  ලංකාවට ගොඩ යෑමක්  නොමැත.

මම එදිරි


මෙවැනි පුවත්  ඉක්මනින්ම දැනගැනීම සඳහා  අපගේ f.b පිටුව like    කර  තබා ගන්න.
Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here