එදාට වඩා අද පරිසර විනාශය වැඩියි : සොභාදහමේ දඬුවම් අත ළගයි -ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ

0
147
wannila atto

ර්‍මේ ආකාරයට පරිසරය සතා සීපාවා විනාශ කළහොත් සොබාදහම දඬුවම් දෙන දවසක් අත ළඟ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සඳහන් කරති.

පරිසරය රකින්න ජනාධිපතිතුමන්ට ලොකු උවමනාවක් බලාපොරොත්තුවක් තිබුණද තවත් අය පරිසරය විනාශ කරන බව ඔහු පවසයි.

අනාගතය ගැන කල්පනා කර මේ විනාශය නතර කරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

අද පරිසරය විනාශ කරන අයට නිසි දඬුවම් නොදෙන බවත් උසාවි ගෙනයන සියලුම දෙනා කුලී වැඩට ආපු මිනිසුන් බවත් ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට පරිසර විනාශය සිදුකළහොත් ලෝකයේම මිනිසුන් එක දවසක මිය යන දවස ඉතා ළඟ බවද ඔහු කීය.

අපේ රටේ පරිසරය වෙනුවෙන් අමාත්‍යාංශයක් පිහිටුවා ඇමතු කෙනෙකු සිටිය ද අපේ රටේ මෙන්ම ලෝකයේද පරිසර විනාශය නතර කරගන්න බැරිව ඇති බවත් එදාට වඩා අද පරිසර විනාශය ඉහළ ගොස් ඇති බවත් ඔහු තව දුරටත් සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here