එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට

0
165
England-cricket-team

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී හදිසියේම කල් දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන ජනවාරි මාසයේදී පැවැත්වේ. මේ සඳහා විශේෂයෙන්ම වෙන්කරවාගත් ගුවන් යානයකින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ලබන ජනවාරි 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත කණ්ඩායම සුපුරුදු පරිදි කටුනායකට නොපැමිණ කෙළින්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරා පියාසර කරනු ඇත. ජනවාරි 5 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කරයි.

ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ආපසු සියරට බලා යාමට තීරණය කළේය. එංගලන්ත කණ්ඩායමේ මෙම තීරණයත් සමගින් ශ්‍රී ලංකා සංචාරයට දින නියම වීම ඉක්මන් විය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගිය හමුවිය. ඒ සමගම වාගේ කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය ආරම්භ විය. පසුව එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ නොකරම ආපසු සියරට බලා ගියේය.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here