නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන්ට ප්‍රවාහන ගැටලු ඇත්නම් 077-1056032 යන දුරකථනයට දැනුම් දෙන ලෙසට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉල්ලීමක් කරයි.
උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන්ට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ද ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(ධාවන) ඒ. එච් පණ්ඩුක මහතා පැවසීය.
එම අපේක්ෂකයන්ට යම්කිසි ගැටළුවක් ඇත්නම් කඩිනමින් එම ගැටලුව විසදීමට ඩිපෝ කළමනාකරුවන් හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද පණ්ඩුක මහතා සඳහන් කළේය.
එයට අමතරව කිසිදු ගැටලුවකින් තොරව සිසු සැරිය බස් රථ සේවාව එම පළාත්වල ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
