බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදුත පිරිස පිටත් කර යැවු ඉල්පුර පසලොස්වක පොහොය අදයි.
තුන්බෑ ජටිලයින් දමනය කිරීම සදහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම හා ඔවුන්ට අදිත්තපර්යාය සුත්‍රය දේශනා කිරීම සිදු වුයේ අද වැනි පොහෝ දිනකයි.
මෛත්‍රි බෝධිසත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ ද ඉල් පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වේ.
සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද අද වැනි පොහෝ දිනකයි. පසුවස් පවාරණය කිරීම සහ කඨින පුජාව සිදු කළ හැකි අවසන් දිනය වශයෙන් ද ඉල් පොහොය වැදගත් වේ.
කඨින චීවර මාසය අදින් අවසන් වේ. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද දිනයේ විවිධ පිංකම් පැවැත්වේ.
මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.


ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න
0770312818 / Click here for Facebook
