ඉදිරියේදී 55 න් අර්ථසාධකය ගන්න බැහැ …

0
144
edirige satahana

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. 

පෞද්ගලික අංශයේ දැනට කාන්තාවෝ වයස අවුරුදු 50 න් සහ පිරිමි වයස අවුරුදු 55 න් රාජ්‍ය අංශ සේවකයන්ට පෙර විශ‍්‍රාම ගනිති. නව සංශෝධනය සමග එසේ කාන්තා සහ පිරිමි ලෙස වෙනසක් නැතුව රාජ්‍ය සේවකයන් මෙන් පෞද්ගලික සේවකයන්ගේ විශ‍්‍රාම ගැනීමේ වයස එක සමාන තත්ත්වයට පත් වේ. මෙය පනත සංශෝධනය කර නීතිගත කිරීමෙන් පසු පෞද්ගලික අංශයේ සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස අනිවාර්ය වනු ඇත.

උපාධිධාරීන්ට රජය රැුකියා දෙන අතර අඩු අධ්‍යාපන සුදුසුකම් තියන අයට පවා රජය රැුකියා ලබා දීම නිසා පෞද්ගලික අංශය තුල රැකියාවල  නිරතවන්නන්ගේ සංඛ්‍යාව අඩුවීමක්  සිදුවිය හැකියි උපකල්පනය කරමින් මෙම තීරණයට එලබීමට රජය කටයුතු කර ඇති බවටයි ආරංචි මාර්ග වලින් සදහන් වන්නේ. එමෙන්ම ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවීම යන කරණයද මෙහිදී සලකා බලා ඇතිබවට සදහන්ය.  

නමුත් මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පරිදි පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි වුවහොත් වයස 55 න් අර්ථසාධක අරමුදලේ අවසන් ශේෂය ගැනීමට අවස්ථාව නොලැබිමට බොහෝ සුරට ඉඩ ඇත. එනම් අර්ථසාධක අරමුදලේ අවසන් ශේෂය ගැනීම සදහා පුද්ගලයකුට අවුරුදු  60 සම්පුර්ණ වන තුරු බලා සිටිය යුතුය. 

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී පළමු අදියරේදී ආණ්ඩුව EPF අංකයක් තිබු සියලුම උපාධිධාරීන්ගේ අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමටද කටයුතු කරන ලදී. නමුත් පසුව සමාජයෙන් එල්ලවූ දැඩි විවේචනය හමුවේ නැවතත් 10,000ට රැකියා ලබාදීමට ආණ්ඩුව තීරණය කරණ ලදී. ( නමුත් මෙමෙ ලිපිය ලියන අවස්ථාව දක්වා අදාල පත්වීම ලබාදීමක් සිදුවී නොමැත )

එවැනි තත්වයක් තුල පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව ගත් තීරණය මගින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ  අර්ථසාධක අරමුදලේ පවතින මුදල තවත් කාලයක් භාණ්ඩාගාරය සතුවම තබගනිමටය. රජය දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය එක් හේතුවක් විය හැක.  එසේ නොමැතිනම් අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනයට රජයට තවත් විකල්ප සැලසුමක් තිබිය හැක. 

කෙසේවතත් ජනතාව වශයෙන් මෙම අවස්ථාවේදී රජයේ ක්‍රියාකලාපය සම්බන්දව වඩාත් විමසිල්ලෙන් පසුවීම කාලෝචිතය. ඊට හේතුව අවුරුදු 05ක් රට පාලනය කිරීමට පැමිණි පාලකයන් අවුරුදු 100 ගණනකට මෙරට වැසියන් ණයකාරයන් බවට පත්කිරීමට ගත් අදුරදර්ශී තීරණ පිලිබදව අපට ඕනෑ අද්දැකීම් පවතින නිසාය. අර්ථසාධක අරමුදල පවා කොටස් වෙළදපොල තුල ආයෝජනය කර එම අරමුදලට මිලියන ගණන් පාඩු සිදුවූ අවස්ථා පිලිබදව අපට අසන්නට තිබිණි. 

පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව ගත් තීරණය සද්භාවයකින් යුතුව ගත් තීරණයක් විය හැක. නමුත් ජනතාව වශයෙන් ආණ්ඩුවේ හැසිරීම පිලිබදව වඩාත් විමසිල්ලෙන් සිටීම අගට ගුණය. 

මිට

එදිරි

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here