අවපස අහසක තරු ලකුණක් සේ ගීතයට විචාරයක්

0
133
old-love1

මීට දශක කීපයකට පෙර මෙසිරිලක    සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ තදින්ම එල්බ ගත් සංස්කෘතික කරුණක් වූයේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කළ යුතුය යන්නයි.එය බොහෝවිට පවුලේ වැඩිමල් පිරිමි දරුවාට හෝ ගැහුණු දරුවා පිට පැටවුණි.මේ තත්ත්වය වඩාත් සංකීර්ණත්වයකට පත් වන්නේ උන් හිටි ගමන් දෙමාපියන් ගෙන් කෙනෙකු හදිසියේ මිය ගිය හොත්ය.පියා මිය ගියා නම් පවුලේ බාල සහෝදර සහෝදරියන්ගේ වගකීම් වැඩි මහල් සහෝදරයාගේ දෙවුර මතට විය .මිය ගියේ මව නම් බාල සහෝදර සහෝදරියන්ට වැඩිමහල් දියණිය අම්මා කෙනෙක් උණා.

              ඉතින් මේ දෙදෙනාටම අඩුම වයසේදී පවුල් සංස්තාව තුළ කෙළවරක් නැති දුක් කම් කටොලු වලට මුහුණ දෙමින් තම ජීවිතයේ සුන්දරම යෞවනය වියද බාල සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැප කරමින් ඔවුන්ට යුතුකම් හා වගකීම් ඉටු කරන්න සිදු උණා….වැඩිමල් අයියා, අක්කා බාල සහෝදර සහෝදරියන්ට උගන්වලා,ඔවුන්ට ජීවත් වෙන්න මාර්ග හදල දීලා  විවාහ කටයුතු හෙම කරලා දීලා අවසන් වෙද්දි ඉතින් හොද පණ ගිහිල්ලා ..යෞවනය වියද ඉක්මවා ගිහිල්ලා ..ජීවිතය විදින්න ඕනි කාලේ,තුරුණු විය අවසන් වෙලා..ප්‍රේමය,ආදරය පිළිබදව හිතන්න වත් වෙලාවක් ඔවුන්ට ඉතිරි වෙලා  තිබුණේ නෑ..මේ තත්ත්වය හරි අපූරුවට කේ.ජයතිලක චරිත තුනක් නවකතා වේදී ඉසාගෙන් මතු කරනවා.මේ මෙසේ උවත් ඒ අසීමිත කැප කිරීම් කරපු මේ ඇත්තන්ට කල් ගත වී හෝ ප්‍රේමය හමුවෙන අවස්තා, සිද්ධීන් නැතිවාද නොවේ.කුලරත්න ආරියවංශ ගේය පද රචනයෙන්,රෝහණ වීරසිංහ අපූරු ස්වර  රචනයෙන්  සුනිල් එදිරිසිංහ සුගායනය තුළින් පෙන්වා දෙන්නේ එහෙම ජීවිතයේ සැදෑ සමයේ හමු වූ ප්‍රේමයෙන්  උද්දාමයට පත් වූ කතකයකුගේ හඩක් නොවේද..

අවපස අහසක තරු ලකුණක්    සේ

අපමණ සයුරක තුරු දසුනක්     සේ

දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ

            මුල් පද පේලි තුන තුළින් කතකයා අපූරුවට උපමා පද යෝජනා තුලින් පවසන්නේ ඒ උද්දාමය නොවේද…එය අතිශය දුර්ලබ ප්‍රේමයකි..ප්‍රේමය බොහෝ ව්ට හටගන්නා කාලය ඉක්මවා ගොස් හමු වූ ප්‍රේමයකි.සද බැස යන අවපස අහසේ තාරුකා දුලබය.තෙරක් නොපෙනෙන මහ සයුරේ මොන තුරුලතාදියද..එසේ නම් ජීවිතේ  ගිමන් හරින සැදෑ සමයේ ප්‍රේමයක් ඉපදීම ,මුණගැහීම දුර්ලබ නොවේද…..

මාවත අවහිර නිමවා

දළරළ පෙළ සැතපෙනවා

සැළමුතු සෙනෙහස මද පවනක් වී

ගැඹරේ ඉම මුමුණනවා….

                    මින් කියවෙන්නේ කතකයා මෙතෙක් කලක් උහුලාගෙන සිටි දුක් කම් කටොලු ,වගකීම් යුතුකම් දැන් අහවර වී ඇති බැව් යන්න නොවේද..එය එක්තරා ආකාරයක උදම් ඇනීමකි.” බාධක අවහිර නිමවා” යයි කියන්නේ එනිසා නොවේද.. 

“දළ රළ පෙළ සැතපෙනවා “

යනුවෙන් තව දුරටත් එම ප්‍රකාශය තව තවත් තීව්‍ර කරයි.”දළ රළ පෙළ” වදන් අපූරුවට යෙදී ඇති අනුප්‍රාසවත්‍ යෙදුම්ය. එය හරියටම සැළලිහිණි සන්දේශයේ “නල බල සසළ දළ රළ පෙළ”යන යෙදුම සිහි කැදවන්නකි.මේ දුක් දොම්නස් පීඩා වෙහෙසකර ගමන් මගේ විඩා නිවා සනහාලන්නට,මෙන් දැන් ජීවිතයේ සැදෑ සමයේ සැළමුතු නුගිනුරා ප්‍රේම පවන් රොද හමා ගත දැවිටි සිටි.ඉන් ඔහු මත්වී සිටී.

දෝතම අසෙනිය ගවසා

ඔබ පෙරමග හිනහෙනවා

විකසිත පින්නේ සුබ දසුනක්  වී

දෙනෙතේ සිත ලිය වෙනවා….

               අසෙනි පුද කුසුමන් දෝත දරාගෙන ස්ත්‍රී දේහ කාය සිනාවෙන් මුව සරහා ගෙන පෙරමග බලා සිටී.ඒ කිම් නිසාද..ඔහුට ප්‍රේම කුසුම් පුද දෙන්නට නොවේද ..” විකසිත පින්නේ සුබ දසුන” යන්න ධ්වනිතාර්තවත්ය. ඉන් ඇගේ දසුනේ නැවුම් බව මතු කරයි.පවිත්‍ර ප්‍රේමය මහලු නොවනා බව පවසයි .ප්‍රේමයේ සුවිශේෂී බව නම් එයයි.රමණීය ගී මිණක් නොවේද මෙය..විකසිත ප්‍රේම පුෂ්ප පොකුරු වල සුවද විහිදුවන සුගායනයක්මැයි.

විපුල්  රනේපුර

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here