අපට අවශ්‍ය විදේශ ණය නොවේ ආයෝජනයි : ජනපති නව චීන තානාපතිට කියයි

0
216
Gotabaya-Rajapaksa Sri_Lanka

Sri Lanka News Today : සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදෙස් ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන  නව චීන තානාපති ක්වි සෙන්හොන් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි.

චීන තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීම සඳහා මෙම හමුව සිදු විය.

චීනය අත් කර ගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් මෙරට ඇති කර ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සිය ප්‍රධාන ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා චීනයේ සහය අපේක්ෂා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නව චීන තානාපතිවරයා පවසා ඇත්තේ, මෙරට සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට චීනය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාසය බව ද ඔහු එහිදී පවසා ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවැනි පුවත් ඉක්මනින්ම දැනගැනීම සඳහා අපගේ f.b පිටුව like කර තබා ගන්න.
Blue-and-Red-72x36-Landscape-Voter-Education-Banner-1
Up to December 17, 2020
Advertisement

ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතාවයන් සදහා ග්‍රීන් ඇස්සිස් ඉංජිනිරින් ආයතනය අමතන්න

0770312818 / Click here for Facebook

Call Now 0717 93 82 93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here