අන්තවාදයෙන් වැනසුන සෙනවිරත් පිරිවෙන

අන්තවාදයෙන් වැනසුන සෙනවිරත් පිරිවෙන

නව වන දසවන සියවස ආසන්න කාලයේ රජරට ශිෂ්ඨාචාරයේ ඇතිවූ දියුණුව සනිටුහන් කරන සළකුණු දක්නට හැකි එක් ස්ථානයක් වන්නේ පදවිය වාහල්කඩ ප්‍රදේශයයි. මහසෙන් රජු විසින් කරවන ලදැයි සැලකෙන පදවිය උතුරු මැද පළාතේ මහා වාරි සංස්කෘතිය පණ ගැන්වූ අසම සම නිර්මාණයකි. එකළ එයට මහා සාගරය යන නාමය ද භාවිතා වූ බව පෙනේ. එම වැවට දකුණු පසින් වාහල් කඩ වැව පිහිට ඇත. මෙයට ව්‍යවහාර වූ නාමය බෑන සාගරයයි. වම් පසින් ඇත්තේ නම්බකඩ වැවයි. මෙය මති සාගරය යනුවෙන් හඳුන්වනු ලැබීය. මේ මහා වාපී ත්‍රීත්වය විසින් පණ ගන්වනු ලැබූ කෘෂිකාර්මික සභ්‍යත්වය ඒ යුගයේ හැටියට ලංකාවේ සමෘද්ධිය ප්‍රකට කරවන්නක් විය.

අනුරාධපුර යුග අවසාන භාගයේ ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණයන් රාශියකි. නමුත් ඒ සියලු ආක්‍රමණයන් පරදවා රට සෙමෙහි තබන්නට පාලකයින්ට හැකි විය. මේ යුගයේ දී පදවිය වැවට භාවිතා කළ නාමය වූයේ පදොන්නරු යන්නයි. වාහල්කඩ වැවට සුලින්නරු යන නාමය භාවිතා කළ බවට සාධක සපයන තාමර වැව ටැම් ලිපිය ඉතිහාසයේ සමෘධිමත් කාලවකවානුවක පැතිකඩක් විවර කර දෙයි.මෙම ලිපියට අමතරව රඹෑව හා ඊරිපින්නියාව ටැම් ලිපි දෙකම පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවට ඉස්මත්තේය. එම ලිපි දෙකේම සඳහන් වන පරිදි මේ ප්‍රදේශයට සුලින්නරු ගම යන නාමය භාවිතා කර තිබේ. මෙයින් පළමු තාමර වැව ලිපිය දෙවන සේන යුගයට අයත්ය.( ක්‍රි.ව. 853-887) රඹැව ලිපිය දෙවනි උදය කාලයට (ක්‍රි.ව. 887 – 898 ) අයත්ය. ඊරිපින්නියාව ලිපිය ද දෙවනි උදය කාලයට අයත් යයි රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පස්වන වෙලුමේ සඳහන්ය.

මේ ලිපි තුනේම සඳහන් පරිදි අනුරාධපුරයේ මහා විහාර පාලනයේ නියුතු සෙන් සෙනවිරද් නම් ප්‍රභූවරයෙකු මේ සුළින්නරු ගමේ සෙනවිරද් නම් පිරිවෙනක් සකස් කර එහි භික්ෂූන් වහණ්සේලා ගේ අධ්‍යාපන පහසුව උදෙසා ඒ ප්‍රදේශයේ ගම්බිම් පවරා දුන් බව සඳහන්ය. වත්මන් වාහල් කඩ ඉස්මත්තේ එයට පෝෂක වන ප්‍රදේශයේ තවලම් හල්මිල්ලෑව කපු ගොල්ලෑව තාමර වැව ආදී ග්‍රාමීය වැව් රාශියක් පිහිට ඇත. වාහල් කඩ වැවට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන තවලම්හල් හල්මිල්ලෑව ඔය නියන් කාලයට සිඳි යයි. ඒ නිසා මාස් කන්නයේ වර්ෂා කාලයට ජලය එක් රැස් කර ගැනීමේ පහසුව පිණිස පැරණි රජවරු වාරි මාර්ග රාශියක් මේ පෙදෙසේ කර ඇත. පදවිය වැවට ජලය සපයන මොර ඔය ආරම්භ වන්නේ කුංචුට්ටු කෝරළයෙනි. කුංචුට්ටු යනු පුංචි උල්පත් ප්‍රදේශයයි. මේනිසා මොර ඔය යම් පමණකින් ජලයෙන් පිරී පවතී.

මේ සුළින්රු ගම සෙනවිරද් පිරිවෙනට පවරා දෙන අවස්ථාවේ දී මේ ගම් වල කුඹූරු රිසි සේ අස්වැද්දීමට අවශ්‍ය වාරිමාර්ග පහසු කම් සැපයීමට ද රජවරු උනන්දු වී ඇත. ඊරිපින්නියාව ටැම් ලිපියේ සඳහන් වන්නේ මොර ඔය හරස් කර තැනූ අමුණෙන් ජලය හරවා වාහල් කඩ වැවට ගෙන ගිය ආකාරයයි. එහි සෙල් ලිපි පාඨයේ පෙර සිරත් පෙකුර් වසා හොය කොඩ් බද් බනුවත්තට් පොසොවුනල්ලට් මහමඩ්ලියෙන් වන් දොලොස් කිරියැ නොගන්නා කොට් ඉසා යනුවෙන් සඳහන් වන විට එයින් වෙසෙසි කාරණයක් ඉස්මතු වෙයි. මහසෙන් යුගයේ ආරම්භ වුවද ඉන් පසුව නවවන සියවස වන විට ද පෙර සිරිත පිලිබඳව සැලකිලිමත් වීම මෙම වෙසෙසි කාරණයයි. ඒ මතුද නොව සෙනවිරත් පිරිවෙනට මෙම ගම පූජා කළ හෙයින් දොලොස් කිරියක ධාන්‍ය බදු ද නොගත යුතු යයි සඳහන්ව තිබීම ඒ යුගයේ සම්ප්‍රදාය කුමක්දැයි කිය පෙන්වන්නකි.

මෙම ඇළ මාර්ගය වැටී ඇත්තේ වාහල් කඩ වැවට වම් පසිනි. තාමර වැව පසුකර වැව් දෙකක් පෝෂණය කරමින් අවසානයේ රඹෑවට වැටී ජලකඳ පාත් වන්නේ වාහල් කඩටයි. වාහල් කඩ වාන් දමන කල්හි රඹෑව පැත්තෙන් තිබෙන ආඬියා වැව පත්තෑව යන වැව් දෙකට වැටුණු ජලය පදවිය වැවට එකතු වුණු බව පැරණියන් පවසති.මේ සම්ප්‍රදාය මගින් ජලය උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනීයයි. එහෙත් වර්තමාන වාරි ඉංජිනේරුවන් මේ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැත. එම ඇලේ නටබුන් තාමර වැව පාසල් වත්ත හරහා වැටී තිබෙන ආකාරය දැනට දක්නට හැකිය. මේ ඇළ මාර්ගය පණ ගැන්වීමට උත්සාහ නොකිරිම නිසා මාවත වැව ආදී බොහෝ වැව් ගණනාවකට අද ජලය අහිමි වී තිබේ.මේ නිසා මේ ප්‍ර දේශ කැලෑවට යට කර වන දෙපාර්තමේනතුවට පවරා දී ඇත. තවලම් හල්මිල්ලෑව ඔයෙන් එගොඩ පිහිටා තිබෙන්නේ පුංචි කුලම නොහොත් කුංචි කුලමයි. වීර සෝලේ වැවද එයට යාබදව පිහිටා ඇත. පුංචි කුලම වැවේ ඉස්මත්තේ වැදගත් පුරාවිද්‍යාස්ථානයක් පිහිටා තිබේ. දැනට හඳුනා ගත හැකි ආකාරයට මේ ස්ථානයේ පැරණි සෙනවිරත් පිරිවෙන් පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

මේ තත්වය එසේ වුවද කුංචි කුලම පිහිටුවා තිබෙන අත්තාණි ලිපියේ සඳහන් වන පරිදි පෙර මහා විහාරයට පවරා දී තිබූ මේ පිරිවෙන උදය රජුගේ සෙහොයුරු කසුප් රජ කාලයේ දී අභයගිරි මහ වෙහෙරට පවරා දුන් බව තහවුරු වෙයි. අනුරාධපුර සිදු වූ ශාසනික වෙනස් කම් මෙයට බලපාන්නට ඇත. කෙසේ වෙතත් මේ සියලු ශිලා ලිපි මෙන්ම එයට අදාල පුරාවිද්‍යා ස්ථානයන්ද ලංකාවේ ඉතිහාසයට අතිශයින් වැදගත් බව නොකිවමනාය. නමුත් විදේශීය ආක්‍රමණ හේතුවෙන් මේ ප්‍රදේශ එක් කලකදි ජනශූන්‍ය විය. පොලොන්නරු යුගයෙන් පසු සිදුවූ ද්‍රවිඩ ආකුමණයන් මීට තදින්ම බලපෑ බව පෙනේ. නමුත් නුවර යුගයේ දී පවා නැවතත් මේ ස්ථාන සංවර්ධනය වී සිංහල ජනතාව පදිංචිව සිටි ආකාරය පෙන්නුම් කළ හැකිය. එම යුගයේ දී මේ පළාත කරවීමට විදානේ වරයෙක් පත් කොට ඇති අතර වන්නි වරුන් අතරින් තෝරා ගත් හුරුල්ලේ ඉලංගසිංහ කුමාරසිංහ මෙහිදී හුරුලු විදානේ ලෙසින් පත්කර තිබුණි. මොහු ගෙන් පසු ඔහුගේ පරපුර ඒ පළාතේ රටේ මහත්තැන් තත්වයට පත් කර තිබේ. ඒ අනුව සියුලු වැව් ගම්මාන ඔහුගේ නින්දගම් ලෙසින් භාවිතා කර ඇති බව පෙනේ.

1915 මුස්ලිම් කෝලාහලයෙන් පසුව මේ ප්‍රදේශය තුල පවතින ජන ශූන්‍ය ගම්මාන කීපයක් තෝරාගත් මේ රටේ මහත්මයා ඒවායේ මුස්ලිම් වරු පදිංචි කර ඇත. හෙරොව්පතානේ කඩ මණ්ඩියේ සිටි මේ පිරිස ආරක්ෂාව පතා තාවකාලිකව එසේ පදිංචි කළ බව පෙනේ. ඒ අනුව වීරසෝලේ කුංචිකුලම ආනඔලන්දාව පත්තෑව වැනි ගම්මාන හතක පමණ මුස්ලිම් වරු පදිංචි වී තිබේ.නමුත් පසු කාලයේ දී මේ පදිංචි වීම් ස්ථීර වී ඇත. පසු ගිය කාලයේ දී කොටි ත්‍රස්තයින් ගේ අඩන්තේට්ටම වලට යටත් වූ මේ ගම්මාන යළිත් සංවර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එහිදී මෙහි පිහිටා තිබූ සෙනෙවිරත් පිරිවෙන හා අත්තානි කණු වලට වූයේ කුමක්දැයි සෙවීම මගේ අරමුණ විය. එහිදී අපට දක්නට හැකිවූයේ ඓතිහාසික සෙනෙවිරත් පිරිවෙන් භූමිය ඩෝසර කර ඇති බවයි. වීරසෝලේ ගමේ මුස්ලිම් වරු 2010 වසරේ දී මේ භූමි භාගය සමතාලා කොට එහි තිබෙන පුරාවස්තු රාශියක් පොකුණකට දමා පස් පුරවා ඇත. අනතුරුව එම ප්‍රදේශයේ බඩ ඉරිඟු සිටවා ඇත.

මේ ප්‍රදේශයේ සංචාරය කරන විටදී මේ සහාසික අපරාධය සියැසින්ම දැක ගන්නට ලැබුණි. ඓතිහාසික කුංචි කුලම ටැම් ලිපිය එහි පදනමෙන්ම ගලවා දමා ගොඩට ඇද තිබේ. එහි ඉහළ කැබැල්ල දක්නට නැත. පිරවෙන භූමියේ එක් පැත්තක් සහමුලින්ම ඩෝසර කර ඇත. පැරණියන් පවසන පරිදි මෙහි ගඩොල් පාදම් සහිත විශාල ගොඩනැගිල්ලක අවශේෂ දක්නට තිබී ඇත.එය පැරණි සෙනවිරද් පිරිවෙනේ පාදම විය හැකියයි අනුමාන කළ හැකිය.මෙම විනාශය සිදු වන අවස්ථාවේ දී එය දැන ගන්නට ලැබුණු කපුගොල්ලෑව විහාරාධිපති ස්වාමීන්වහණ්සේ එම ස්ථානයට පැමිණ ඩෝසර කරන ලද ඇතැම් ගල්කණු කැබලි සිරි පතුල් ගල් මෙන්ම මැටි පුවරු කීපයක්ද රැගෙන වුත් විහාරස්ථානයේ දැනට තැන්පත් කර තිබෙන ආකාරය දැක්ගන්නට හැකිවුණි. පෙර සිරිත නොදත් අන්‍යාගමිකයින් මෙන්ම තමන්ගේ ජාතික උරුමය නොදත් ඇතැම් සිංහල නිළධාරින්ගේ පිහිටෙන් දැන් මේ මුස්ලිම් වරු බලවත් වී තිබේ.එයට හොඳම උදාරහරණය පුරාවස්තු වලින් පිරි වීරසෝලේ කඳුවැටියේ ගල් වලක් දැමීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අවසර පත් ලබා දීමයි.

- මතුගම සෙනෙවිරුවන්

Share Share on MySpace
Rating:
1
rate it
search

Political News

Public demos, motorc..
PARLIAMENT
‘There are no politi..
Emphasis on agricult..
MILCO to buy total m..

Security News

Suspect escapes from..
Gankanda released on..
Lankans among 18 nab..
Five remanded for ab..
Heroin dealer in bar..

Sport News

Rameez wants Indo-Pa..
Strauss only goes ha..
Duminy shines over C..
Southern Sharks out ..

Finasial News

'SL foot and leather..
Value added exports:..
LANKA'S RED LETTER D..
Over 18 m mobile sub..
Taiwan’s economy exp..

Braking News

People catch chain s..
Six die in bus, tris..
Licensing scheme for..
Fuel station fire da..
Provincial Councillo..

Helth News

Nanoparticles With H..
New MRI Methodology ..
Doctors Lax in Monit..
MRI May Help Detect ..
Brain May Shrink in ..

south Asian News

Indians to outnumber..
Pakistan security is..
ICC Says Raina Case ..
India's Budget data ..
Games could mean ser..

World news

China’s defence chie..
China, Poland to dou..
Foreign languages ba..
Iran leader calls fo..
India opens retail s..